කොදෙව් ක්‍රිකට් නංවන්න අපෙන් සම්පතක්

577

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වී තිබේ.

එම තනතුර සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් 53 දෙනෙකු අතුරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඔහු තෝරා පත්කර ගෙන ඇති බව වාර්තා වේ.

නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද රමේෂ් මීට පෙර කටයුතු කර තිබුණි.

රමේෂ් අයිසීසී තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය එරට නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම වශයෙන් ද සලකනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment