පුංචි ඡන්දයට නැති සල්ලි ජනාධිපතිවරණයට කොහෙන්ද?

107
  • පැෆරල් විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයට හැකි වුවද, මැතිවරණය වෙනුවෙන් මේ දක්වා වැය කළ රුපියල් ලක්‍ෂ පන්දහසක ජනතා මුදල් නැවත ලබා දීමට හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර දීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (12 දා) පැවසීය.

එසේ වුවත් රජයේ තීරණය අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි බව පැවසූ ඒ මහතා ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්විය යුතු මැතිවරණයක් නොපැවැත්වීමට තීරණය කරන්නේ මැතිවරණ සංශෝධනයක් සිදු කිරීමට දැයි රජයෙන් ප්‍රශ්න කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද පැවසීය.

“පූර්ණ මැතිවරණ සංශෝධනයක් සිදු කිරීමට රජය සූදානම් වන්නේ නම් සීමා නිර්ණ කටයුතු කළේ ඇයි දැයි අපි රජයෙන් අසනවා. රජය මේ වන විට ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. එසේ නම් පළාත් පාලන ඡන්දයට නැති මුදල් ජනපතිවරණයට තිබෙන්නේ කොහොමද? රටේ මහජන මුදල් තමන්ට වාසි සහගත ලෙස මැතිවරණ වෙනුවෙන් හිතුමතේ වියදම් කිරීමට හැකිද? දේශපාලන බලය සහ වාසිය වෙනුවෙන් පමණක් රජය ක්‍රියා කරන බව පැහැදිලියි. මැතිවරණ පැවැත්වීම රටක ජනතාවගේ මූලික අයිතිය ආරක්‍ෂාකර දීමක්. රජය මේ වන විට ඒ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමේ ජනතා විරෝධි ක්‍රියාවක නිරතව සිටිනවා.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment