ජවිපෙ ජනපති අපේක්ෂක අනුර – ලාල් කාන්ත

133

ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ‘දිවයින’ ට පැවසීය.

පක්ෂය ගෙන තිබෙන මෙම තීරණය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඒ මහතා කීය.

ජනාධිපතිවරණයට තව කල් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත්තේ මීට සති කිහිපයකට පෙර බවත් ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment