හමාස් ප්‍රහාරයෙන් කිපී ඇමරිකාවේදී මුස්ලිම් මවකට හා දරුවාට පිහියෙන් ඇනලා දරුවා මරුට : මවට තුවාල

544

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළ ප්‍රහාරය නිසා කෝපයට පත් ඇමෙරිකානුවෙකු ඇමෙරිකාවේදී මුස්ලිම් කාන්තාවකට හා ඇගේ දරුවාට පිහියෙන් ඇන තිබේ.

මෙම ප්‍රහාරයෙන් හය හැවිරිදි පලස්තීන සම්භවයක් ඇති දරුවා මියගොස් ඇති අතර කාන්තාව තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරය වාර්තා වන්නේ ඉලනොයි ප්‍රාන්තයෙනි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ 71 හැවිරිදි ජෝෂප් ෂබා නම් පුද්ගලයාය. මොහු හය හැවිරිදි දරුවාට පිහි ඇනුම් 26 ක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය හෙළා දකිමින් ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment