ලොව පුරා දරුණු විපත් මතුවීමක් ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනතුරු අඟවයි

238

ලොව පුරා දරුණු අයුරින් හට ගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණය, නියඟයන්, ලැව් ගිනි, ජල ගැලීම්, මුහුදු මට්ටම ඉහළ යෑම ඇතුළු ස්වාභාවික විපත්වලට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ අනිසි ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණ රටාව වෙනස් වීම හෙවත් දේශගුණික විපර්යාසය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එළිදක්වා ඇති නවතම විද්‍යාත්මක අධ්‍යයන වාර්තාවේ සඳහන් කර තිබේ.

ලොව පුරා දරුණු විපත් මතුවීමක් ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාවක්  අනතුරු අඟවයි


මනුෂ්‍යයන් විසින් පරිසරයට සිදු කරනු ලබන අසීමිත හානිය වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී තවත් දරුණු ලෙස ස්වාභාවික විපත්වලට ලෝකයාට මුහුණ පෑමට සිදු වනු ඇති බවට එම වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ.

 එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරේස් පවසා ඇත්තේ මෙම විද්‍යාත්මක අධ්‍යයන වාර්තාව මනුෂ්‍ය වර්ගයා වෙත ඉදිරිපත් කර ඇති රතු නිවේදනයක් බවයි. මෙම වාර්තාවට මුල් වූ අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයන් පවසනුයේ ලෝකයා කඩිනමින් පරිසරය සුරැුකීමට අදාළ පියවර නොගතහොත් ඉදිරියේදී ඇති වන දරුණු ව්‍යසනයන් වළක්වා ගත නොහැකි වනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා පවසනුයේ ලෝක නායකයන් වහාම ක‍්‍රියාත්මක වී පරිසර හානිය වැළැක්වීම සඳහා එකඟ වූ ක‍්‍රියාදාමයන් ක‍්‍රියාවට නැගිය යුතු බවයි. මෙම විද්‍යාත්මක වාර්තාව සකස් කළ දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර්රාජ්‍ය කමිටුවේ ප‍්‍රධානියා පවසා ඇත්තේ 1970 වසරේ සිට ගෝලීය උණුසුම පෙර නොවූ විරූ අයුරින් ඉහළ නගිමින් පවතින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment