අභ්‍යවකාශය නිරායුධ කිරීමට රුසියාවේ විරෝධය

556

අභ්‍යවකාශය තුළ ලොව සියලු රටවල් අතර අවි තරගයක් ඇති වීම වැළක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් රුසියාව විසින් පෙරේදා (24දා) නිෂේධ බලය යොදාගෙන අවහිර කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදය හා ජපානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙසේ රුසියාව විසින් නිෂේධ බලය යොදාගෙන සම්මත වීම වළක්වා ඇති අතර ඡන්දය විමසන අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තවත් නිත්‍ය සාමාජික රටක් වන චීනය ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ. මෙහිදී මෙම යෝජනා කෙටුම්පත සම්බන්ධ ඡන්ද විමසීමේදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 13 දෙනකු එයට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ. කෙසේ වුවද නීතියට අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් එක් අයකු නිෂේධ බලය භාවිත කරමින් යෝජනාවකට විරුද්ධ වුවහොත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවහිර වුවා සේ සැළකේ.

මෙම අභ්‍යවකාශය තුළ සෑම රටක් අතරම අවි තරගයක් ඇති වීම වැළැක්වීමේ යෝජනාව 1967 වසරේ අභ්‍යවකාශය පිළිබඳ ගිවිසුමේ මූලධර්මයක් ලෙස පිළිගෙන තිබෙන්නකි. රුසියාව විසින් අදාළ යෝජනා කෙටුම්පත අවහිර කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා ඇත්තේ රුසියාව අභ්‍යවකාශය කේන්ද්‍ර කර ගත් චන්ද්‍රිකා නාශක න්‍යෂ්ටික ආයුධයක් තනමින් සිටින බව විශ්වාස කරන බවයි. මේ අතර අභ්‍යවකාශ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කැපවන බව රුසියාව විසින් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරිය වන ලින්ඩා තෝමස් ග්‍රින්ෆිල්ඩ් පවසා ඇත්තේ රුසියාව අදාළ යෝජනාව නිෂේධ බලය යොදා අවහිර කිරීම අවුල්සහගත තත්ත්වයක් බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment