උ/නැ අධිආරක්ෂිත ඉඩම් යළි දෙන්න කමිටුවක් – ප්‍රධානියා බ්‍රිගේඩියර් කෙනෙක්

142

උතුරු නැඟෙනහිර අධිආරක්‍ෂිත කලාපවල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා යුද හමුදා බි්‍රගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

ජාතික ආරක්‍ෂක උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මෙම කාර්යාලය පිහිටුවනු ලබයි. යුද හමුදා බි්‍රගේඩියර්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන මෙම කාර්යාලය මාස හයක කාල සීමාවක් ඇතුළත අදාළ ගැටලුව විසඳිය යුතු බවට ද රත්නායක මහතා උපදෙස් දී ඇත.

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාළ කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් ලබාදී තිබේ. 2009 වනවිට ආරක්‍ෂක හමුදාව සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850ක් පැවැති අතර මෙම වසර මුල වනවිට එම ඉඩම්වලින් අක්කර 20,755ක් මුදාහැර තිබේ.

තවත් අක්කර 106ක භූමි ප්‍රමාණයක් 2023 පෙබරවාරි මාසයේ මුදාහැර ඇත. ඊට අමතරව තවත් අක්කර 2980ක් ජනතාවට මුදාහැරීම වෙනුවෙන් හඳුනාගෙන තිබෙන අතර රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පැන නැඟිය හැකි ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් පසු එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිතව තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment