23 වන ආසියා පැසිපික් කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලිය: ශ්‍රී ලංකා කාන්තාවෝ ජය ලබති

98

දකුණු තායිලන්තයේ සොංක්ලා නුවර සමීලා මුහුදු තීරයේදී පැවැත්වෙන 23 වන ආසියා පැසිපික් කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා 2 කණ්ඩායම සමත් විය.

කාන්තා තරගාවලියේ “එච්” කාණ්ඩය යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකා කාන්තා අංක 2 කණ්ඩායම, ඉන්දුනීසියානු කාන්තා 2 කණ්ඩායම පිළිවෙලින් 16/21, 21/14, 15/10 ලෙස පරදා තරග වට 3-2 ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය. මෙම තරගය පෙරේදා (14දා) පැවැත්විනි.

කාන්තා තරගාවලියේ “ ජී ” කාණ්ඩය යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකා කාන්තා අංක 2 කණ්ඩායම තරගාවලියේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස සැලකෙන තායිලන්ත කාන්තා 4 කණ්ඩායම වෙතින් තරග වට 2-0 ( 21/17 ,21/13 ක) පරාජයක් ලැබුවේය.

මේ අතර පිරිමි කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායම ඕස්ටේ්‍රලියා අංක 2 කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් තරගවට 2-0 (21/19, 21/14) පරාජයක්ද ශ්‍රී ලංකා පිරිමි අංක 2 කණ්ඩායම ප්‍රබල තායිලන්ත අංක 2 කණ්ඩායම වෙතින් තරග වට 2-0 (21/13 ,21/17) පරාජයක්ද ලැබීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව විසින් පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරනු ලැබීය.

පිරිමි 1 කණ්ඩායම ලෙස සඳුන් ප්‍රනාන්දු සහ අංජන සංදීපන්, පිරිමි 2 කණ්ඩායම නියෝජනය කරමින් දිලීප සේනාරත්න හා මලින් ඩිල්ෂාන් යන ක්‍රීඩකයනුත් තරග වදිති.

කාන්තා 1 කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩීකාවන් ලෙස ෂෙහානි වත්තලගේ සහ චතුරිකා වීරසිංහත් කාන්තා 2 කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩිකාවන් ලෙස තුෂාරි ජයලත් සහ දිනේෂා ප්‍රසාදිනි යන ක්‍රීඩිකාවනුත් තරග වදිති.

පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටිරොන් පෙරේරා මහතාත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරණීය ලෙස තක්ෂිලා නිරංජලී මෙනවියත් කටයුතු කරනු ලබයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment