පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තරයට ගියත් පලක් නොවන ලකුණු  

335

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවී නැති බව දක්වමින් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටියත් එම අධිකරණයට ඒ සඳහා බලයක් නැතැයි අනාවරණය වී ඇත.

මෙයට පෙර වතිකානුව ද ඉතාලි රජය පැනවූ නීතියකට එරෙහිව එරට අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කළත් එම පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කර තිබේ. වතිකානුව ඉතාලි රජය යටතේ කි‍්‍රයාත්මක වන කලාපයක් වන අතර ඉතාලි රජය ගනු ලබන තීරණවලට එරෙහිවීමට අයිතියක් නැතැයි ද එරට අධිකරණය තීන්දු කර ඇත. පාස්කු සිද්ධිය ගැන යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරයට යන බව කාදිනල්තුමා මෑතකදී ප‍්‍රකාශ කර තිබුණි.

මේ හැර ශ‍්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා ශ‍්‍රි ලංකාවට එරෙහිව කටයුතු කිරීමට ජාත්‍යන්තර අධිකරණයට බලයක් නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment