නව බදු පනත ගැන දේශීය ආදායම් බදු නිලධාරී වෘත්තිය සමිති හිටපු ජනපති මෛති‍්‍රට කරුණු පහදයි  

437

දේශීය ආදායම් බදු නිලධාරී වෘත්තීය සමිති එකමුතු නියෝජිතයන් පිරිසක් හිටපු ජනාධිපති හයවන විධායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී 27දා උදෑසන හමුවී නව බදු පනත පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

අදාළ පනතේ එකඟ විය නොහැකි කරුණු කාරණා පිළිබඳව එම නිලධාරීන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත දීර්ඝව කරුණු පැහැදිලි කළ අතර අදාළ පනතේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිය සංවිධානය දරන්නා වූ ස්ථාවරය මෙහිදී පැහැදිලි කරන ලදී.

අදාළ රැුස්වීමේදී හිටපු ජනාධිපතිතුමා පැහැදිලි කර සිටියේ තමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම පනත පිළිබඳව පුළුල්ව සාකච්ඡුා කරන අතර මෙම පනත හරහා යම් ලෙසක රටේ බදු ආදායම අහිමි වෙන තැනකට පැමිණේ නම් ඒ පිළිබඳව පක්ෂයක් ලෙස අවධානයෙන් සිටින බව අවධාරණය කරන ලදී.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment