එම්. කේ. ශිවාජිලිංගම්ට හතර වැනි වතාවටත් හෘදයාබාධයක් වැළඳී රෝහල්ගත කෙරේ

173

දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ ශිවාජිලිංගම් මහතා හදිසියේ හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව 2 දා චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කොට තිබේ.

පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළඳී ඇත්තේ හතර වෙනි වතාවටය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් පසුගිය පෙබරවාරි 29 දා කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර ඔහු ඊට සහභාගි වීම පිණිස යාපනයේ සිට කොළඹට පැමිණ ඇත.

එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් පසුව චෙන්නායි බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී හිටපු මන්ත්‍රීවරයා හෘදයාබාධයට ලක් වීමෙන් පසුව චෙන්නායි වඩපලනි විජායී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment