බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවේ වෙබ් අඩවියක් අත්හිටුවයි

257

ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ පැමිණිල්ලක් මත ඉන්ටර්ග‍්‍රැම් වෙබ් අඩවියේ බලධාරීන් බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය අත්හිටුවා ඇත. රහස් පොලිසිය විසින් මෙම පැමිණිල්ල කර තිබේ. කොටි සංවිධානයට පුළුල් ප‍්‍රචාරයක් දීම, ජනපතිට අවමන් කිරීම ඇතුළු සිද්ධීන් රැුසක් ගැන ටැමිල් ගාඩියන්  වෙබ් අඩවියට පැමිණිල්ල ගොනු වී තිබුණි.

මෙයට අමතරව රහස් පොලිසිය ට්විටර් අඩවියේ බලධාරීන්ට ද පැමිණිල්ලක්  ගොනුකර ඇත. ටැමිල් ගාඩියන් වෙබ් පිටු නතරකිරීම ගැන කොටි හිතවාදී මන්ත‍්‍රි ගැරි ආනන්දසංගරි ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් දැඩි විරෝධය දක්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment