මුලතිව් විනිසුරු ඉවත්වීම: නීතිඥ සංගමය විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලයි

73

මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (02දා) ඉල්ලීමක් කළේය.

මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වූ කුරුන්දි විහාර නඩුව මෙන්ම කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට ද අදාළ මූලික කටයුතු ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේ සිදුකර තිබූ බව නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පැවසීය.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා පසුගිය 29 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment