සපුගස්කන්ද යළි වැඩ අරඹයි

117

බොරතෙල් ලැබීමෙන් පසු සපුගස්කන්ද පිරිපහදුවේ, පිරිපහදු කටයුතු ඊයේ (21 දා) ආරම්භ කිරීමෙන් පසු එහි ගිනිදැල්ල දැකගැනීමේ අවස්ථාව ලැබිණි.

බොරතෙල් බැරල් ලක්‍ෂයක් පිරිපහදුවට ලැබීමෙන් පසු පිරිපහදු කටයුතු ඊයේ (21 දා) ආරම්භ කළ ද එහි පිරිපහදු ඉන්ධන ලැබීමට දින තුනක් පමණ ගතවනු ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවැසීය.

මීට අමතරව තවත් බොරතෙල් බැරල් 128,000 ක් මේ මස 30 වැනිදාට පෙර ලැබීමට ද නියමිතය. මේ මස 20 ත් 25 ත් අතර ඩීසල් මෙටි්‍රක් ටොන් 37,300 ක් සහ මේ මස 28 දා වනවිට තවත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,300 ක් ලැබීමට ද නියමිතය.

සපුගස්කන්ද පිරිපහදුව වසර 50කට වඩා පැරණි බවත් ඉරාන ලයිට් සහ ඕමාන් මර්බන් බොරතෙල් පිරිපහදු කටයුතු සඳහා යෝග්‍ය බවත් පිරිපහදුවට මේ වනවිට ගෙන්වා ඇති රුසියානු බොරතෙල්වල ඝනත්වය වැඩිවීම නිසා පිරිපහදු කටයුතු ඉතා පරීක්‍ෂාකාරීව සිදුකළ යුතු බවත් රන්වල මහතා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment