අරගලය කාලේ හානි වූ වාහන 174කට මිලියන 354ක්

97

ඉකුත් වර්ෂයේ දී (2022) රටේ පැවැති නොසුන්සුන්කාරී වාතාවරණයේ දී හානියට පත් මෝටර් රථ 174 සඳහා මෝටර් රථ රක්ෂණය යටතේ රුපියල් මිලියන 354ක මුදලක් හා මෝටර් රථ නොවන රක්ෂණය යටතේ ලිපිගොනු 54ක් සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ගෙවා ඇති බැව් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය.

ජාතික රක්ෂණභාර අරමුදල මගින් මෙම මුදල් ගෙවා ඇති අතර මැයි 09 වැනිදා වූ සිද්ධියට අදාළව හානියට පත් මෝටර් රථ 463ක් සම්බන්ධයෙන් රක්ෂණ හිමිකම් ඉල්ලා තිබුණි. ඉන් හානියට පත් මෝටර් රථ 442ක් සඳහා රක්ෂණ වන්දි ගෙවීම සඳහා මේ වන විට අනුමැතිය ලැබී තිබූ බව ද පොදු ව්‍යාපාර කාරක සභා රැස්වීමේදී අනාවරණය විය. ඉතිරි මෝටර් රථ සඳහා ලියකියවිලි ලැබූ පසු රක්ෂණ මුදල් ගෙවීමට කටයුතු කරන බව ද මෙම කමිටු රැස්විමේ දී අනාවරණය විය.

මෝටර් රථ නොවන රක්ෂණය යටතේ ලිපි ගොනු 86ක් ලැබී තිබූ අතර ඉන් ලිපිගොනු 82ක් සඳහා අනුමැතිය ලැබී තිබුණි. ලිපි ගොනු 57ක් සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ගෙවා ඇති බව ද මෙම රැස්වීමේ දී අනාවරණය විය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment