ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට ඉඩ දෙන්නේ නෑ – ජී. එල්. පීරිස්

89

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඔවුන් හමුවීමට තමා බලාපොරොත්තු වන බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (10 දා) පැවසීය. ලංකාව මෙවැනි ආර්ථික අගාධයකට පත්වීමට ප්‍රධාන හේතුව වංචා, දූෂණ යැයි IMF නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙන බව ද නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (10 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවසීය. IMF කොන්දේසිවලට අනුකූලව කෙරෙන රජයේ ලාභ ල බන ආයතන විකුණා දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව ද IMF යෝජනාවලින් මහජනතාවගේ සහන සැපයීම මිස දේශපාලන චරිත ගොඩනැඟීමට අවස්ථාව නොවන බව ද හෙතෙම කීවේය. එදා මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බව ප්‍රකාශ කළ ද අද ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන බව පැවසූ ජී. එල්. පීරිස් මහතා, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් එය ජාතික අපරාධයක් වන බවත් මහජනතාවගේ විරෝධය මර්දනය කිරීමට රජය ගෙනඑන ත්‍රස්තවාදී පනතට දැඩිව විරෝධය දක්වන බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment