සා. පෙළ විභාගය මැයි 29 ට කල් දමයි

72

ලබන මැයි 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල්දමා ඇත. ඒ අනුව මැයි 29 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර සාමාන්‍ය පෙළ විභාගය කල් දැම්මේ ආණ්ඩුවේ පාලනයට සහ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ විරෝධතා හා වැඩවර්ජන හේතුවෙන් ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉකුත් 7 දා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් ඉදිරි සති දෙක තුළ ප්‍රකාශයට පත් කරන බවයි. අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට පෙර මෙලෙස යළිත් සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදු වූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස යළිත් සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන දෙමාපියෝ දැඩි අප්‍රසාදය පළ කරති.
චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment