‘නිල් අහසක් සදහා පිරිසිදු වාතය ‘ දිනය අද

167

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2019 සැප්තැම්බර් 7 වැනි දින “නිල් අහසක් සඳහා පිරිසිදු වාතය” යනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2023 වසරට යෙදෙන සිව්වන පිරිසිදු වාතය පිළිබඳ ජත්‍යන්තර දිනයේ තේමාව “පිරිසිදු වාතය සඳහා එක්වෙමු – Together for Clean Air” යන්න වායු දූෂණයෙන් මිදීම උදෙසා ශක්තිමත් හවුල්කාරිත්වයක අවශ්‍යතාවය, වගකීම බෙදා ගැනීම, සහ වැඩි වශයෙන් ආයෝජන කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරනු ලබයි. ජාත්‍යන්තර දිනය “පිරිසිදු වාතය සඳහා එක්වෙමු – Together for Clean Air” යන තේමාව පෙරදැරි කර ගනිමින් 04වන වරටත් පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා වාහන වායු විමෝචන අරමුදල සමඟ එක්ව වාහන වලින් සිදුවන වායු දූෂණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙ.ව. 9.30 සිට 11.30 දක්වා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇත. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් , ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන , පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ , අමාත්‍යාංශ ලේකම්වරුන් හා විශේෂ ආරාධිත අමුත්තන් ද, පාර්ශවකාර ආයතනයන්හි නියෝජිතයින්ද ඇතුළු 150 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment