දූෂණ චෝදනා එල්ලවූ සෞඛ්‍ය නිලධාරීන් ගැන විමර්ශන යට ගිහින් ! – වෛද්‍ය චමල් සංජීව

74

දූෂණ චෝදනා එල්ලවී ඇති සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳ අභ්‍යන්තර විමර්ශන යට ගැසීමේ සැකයක් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ උපකරණ ඇතුළු ප්‍රසම්පාදන කටයුතුවලදී වංචා දූෂණ සිදුව ඇති බවට විගණන වාර්තාවලින් සහ කෝප් කමිටුව මගින් හෙළි කර ඇති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනවල ප්‍රගතිය සහ ඒ සම්බන්ධ රාජ්‍ය සේවා කොමිසමට දන්වා යැවීම මන්දගාමී වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

එවැනි නිලධාරීන් ධුරයෙන් ඉවත් කර නව නිලධාරීන් පත් කිරීමට වත්මන් සෞඛ්‍ය පරිපාලනය කටයුතු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත්, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment