Sixpac Season 2

55

අසංක සායක්කාර අධ්‍යක්ෂණය කරන ලද SGM Films නිෂ්පාදනය කළ .Sixpac Season2. එළැඹෙන 22 වැනිදා සිට රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනියෙන් සහ රාත්‍රී 9.00 ට SGM Live Youtube නාලිකාවෙන් විකාශය වීමට නියමිතය. මෙහි පිටපත ද අසංක සායක්කාරගෙනි. කතා සංකල්පය හා විධායක නිෂ්පාදනය සන්තුෂ් වීරමන්ගෙනි. තරින්දි ප්‍රනාන්දු, තිලිණි ජයමාලි, ධනංජි තාරුකා, කැලුම් ශ්‍රී, සංගීත් ප්‍රභූ සහ චානුක ප්‍රබුද්ධ මේ සඳහා රංගනයෙන් දායක වෙති. පුංචි තිරයට හඳුන්වාදෙන සිට්කොම් මාදිලියේ පළමු ටෙලි කතාංග මාලාව මෙය වේ. එකම නිවහනක එකට ජීවත්වන වෙනස්ම චරිත ස්වරූපයන්ගෙන් යුත් ගැහැනු ළමුන් තුන්දෙනෙකු හා පිරිමි ළමුන් තුන්දෙනකු තම යොවුන් දිවියේ විවිධ අභියෝගයන්ට එකමුතු බැඳිමෙන් මුහුණ දෙන ආකාරය මෙහි කතා තේමාව ලෙස හැඳින්විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment