උඩින් සැලූ‍න් යටින් හෙරොයින්

386

කැකිරාව බස් නැවතුම්පල අසල සැලූ‍න් එකක් පවත්වා ගෙන යමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ තුනකට වැඩි මත් කුඩු තොගයක් සමග ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කැකිරාව කරඹවත්ත ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයන් දෙදෙනකු සහ කැකිරාව වලව ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කැකිරාව බස් නැවතුම්පොළ අසලදී මෙම තරුණයන් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් තිදෙනා සතුව තිබී හෙරොයින් මත් කුඩු ග‍්‍රෑම් 15 යි මිලිග‍්‍රෑම් 180ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment