ජනපති අස්වැසුම තවත් බෙදයි

88

අස්වැසුම ප්‍රතිලාභී ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඒ අනුව ලබන වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 04 කින් පමණ ඉහළ යෑමට නියමිත අතර ඉන් පසුව පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය.

අස් වැසුම හිමි වන පවුල්වල සිටින වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව එම දීමනා ද ලබා දීමට ද රජය මේ වන විට තීරණය කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment