සුව නොවන බඩේ අමාරුවට දේවස්ථානයකින් ප්‍රතිකාර ගත් ඉලවාලේ ගුරුවරිය මරුට

3195

සුව නොවන උදරාබාධයකට යාපනයේ ඉලවාලේ මුල්ලනෙයි ප්‍රදේශයේ දේවස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය ගුරුවරියක හදිසියේ වැළඳුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 14 දා මියගොස් තිබේ.

කල්පනා ගෝවින්දසාමි නමැති 38 හැවිරිදි මෙම ගුරුවරිය සිය උදරාබාධය සඳහා මීට පෙර යාපනය තෙලිප්පලෙයි රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එම රෝගය සුව නොවීම නිසා ඇය දේව බලයෙන් අසනීප සුව කරන දේවස්ථානයක් වෙත ගොස් තිබේ. එහිදී එම කාන්තාව දේවස්ථානයේ දින කීපයක් රඳවාගෙන ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇය දේවස්ථානය හරහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ. කාන්තාව මියගොස් ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අදාළ දේවස්ථානයේ භාරකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ වැසියන් පොලිසියෙන් ඉල්ලීමක් කොට ඇතත් පොලිසිය පවසන්නේ මියගිය ගුරුවරිය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි ප්‍රතිඵලය හා මරණයට හේතුව පැහැදිලිව ප්‍රකාශ වනතුරු කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවයි. ඉලවාලී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment