මවුස්සාකැලේ ජල මට්ටම 60%කින් පහළට

49

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට 12 දින පස්වරුවේ පැයක පමණ කාලයක් තද වැසි පතිත විය.

මවුස්සාකැලේ ජලාශ ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහළ බැස තිබුණි.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120ක් වන අතර 13 දින උදැසන 6 වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 53.50 දක්වා පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය. මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව මේ වන විට 60% දක්වා පහළ බැස ඇති බවද එම නිලධාරියා පැවසීය. පැවැති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment