අධික වමනය සහ පාචනයෙන් – බිංගිරිය ජාතික විද්‍යා පීඨ ගුරු සිසුහු 400ක් රෝහලේ

50

බිංගිරියේ පිහිටි වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 400 ක් පමණ වූ සියලු ගුරු සිසු සිසුවියන් හදිසියේ රෝගාතුර වීම නිසා ඊයේ (31 දා) බිංගිරිය දිසා රෝහලට වරින් වර ඇතුළත් කරනු ලැබීය.

මේ සියලු සිසුන් අධික වමනය හා පාචන තත්ත්වයෙන් පෙලුණු අතර 25 දෙනකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බොහෝ දෙනකු බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මේ සිසු පිරිස කණ්ඩායම් 6 කට බෙදී පෙරේදා (30 දා) උදෑසන සිට දවස පුරා අධ්‍යයන චාරිකාවක නිරතව සිට ඇති අතර එහිදී ගන්නා ලද පොදු කෑමක් විෂ වී මේ අයුරින් රෝගීවී ඇතැයි වෛද්‍යවරු සැක කරති.
බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment