අගමැති දිනේෂ්ගේ උපන් දිනය අද

78

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය අදට (2) යෙදී ඇත.

පිලිප් ගුණවර්ධන ඇමැතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කුසුමා ගුණවර්ධන මහත්මියගේ තෙවැනි පුත්‍රයා ලෙසින් 1949 මාර්තු 2 වැනිදා උපත ලැබූ දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණ තරුණ සංවිධානය හරහා දේශපාලනයට පිවිස 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකත්වයේ කටයුතු කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇමෙරිකාවේ ඔරිගන් සහ නෙදර්ලන්තයේ නියන්රෝඩ් යන විශ්වවිද්‍යාලවලින් ඔහු උසස් අධ්‍යාපනය ලැබීය.

1983 පැවැති මහරගම අතුරු මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ජනතා අයිතීන් දිනාගැනීමට සහ ජනතා විරෝධී අණපනත් ආපසු හැරවීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ඔහු පුරෝගාමී මෙහෙවරක් සිදුකළේය.

2008 වසරේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්ව 2010 වසරේදී ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ධුරය දැරීය. 2015 වසරේ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට පත් වූ අතර 2019 වසරේ විදේශ කටයුතු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයත්, 2022 වසරේදී අධ්‍යාපන අමාත්‍ය ධුරයත් දැරීය. එම වසරේ දී ම පාර්ලිමේන්තු සභානායක ධුරය දරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර 2022 වසරේ ජුලි මස 22 දා මෙරට අගමැතිවරයා ලෙස පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment