සා. පෙළ ලියන්න පැමිණි සිසුවාට සහ මවට තවත් සිසුන් පිරිසක් පහර දීලා

175

සා. පෙළ අවසන් වූ පසු පැමිණිල්ල විභාගයට

තඹුත්තේගම ජාතික පාසලේ ශිෂ්‍යයන් පිරිසක් තමාට සහ තම පුත්‍රයාට මහපාරෙදීම පහරදුන් බවට පවසමින් සිසුවකුගේ මවක් ඊයේ (05 දා) තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කළාය.

මෙදින අපොස සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට පැමිණි මෙම සිසුවා, විභාගය ලියා පිටව යන අවස්ථාවේ විභාගය ලිවීමට පැමිණ සිටි තවත් සිසුන් පිරිසක් පාසල තුළදීම මෙම පහරදීම සිදුකර ඇත. එම පහරදීමෙන් නොනැවතුණු මෙම සිසුන් පිරිස පාසලේ ප්‍රධාන දොරටුවෙන් පිටතට ද පැමිණ ඔහුට පහරදී ඇත.

විභාගය ලියා පැමිණෙන තම පුත්‍රයා රැගෙන යෑම සඳහා පාසලේ ප්‍රධාන දොරටුව අබියස රැඳී සිටි, පහරකෑමට ලක්වූ දරුවාගේ මව මෙම සිදුවීම දැක එම ස්ථානයට ගොස් තම දරුවා බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර මෙම සිසුන් එම මවට ද පහරදී ඇති බවට එම පැමිණිල්ලේ සටහන් කර ඇත.

පහරකෑමට ලක්වූ සහ පහරදුන් සිසුන් මේ වනවිට අපොස සමාන්‍ය පෙළ විභාගය ලියමින් සිටින බැවින් විභාගය අවසන් වූ පසු අදාළ පැමිණිල්ල විභාගයට ගන්නා බව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිලිකාර පාර්ශ්වයට දන්වා ඇත.

මෙසේ සිසුන්ගේ පහරකෑමට ලක්වී ඇත්තේ රාජාංගනය යාය 4 ප්‍රදේශයේ පදිංචිකාර සිසුවකු හා ඔහුගේ මවයි.
මකුලෑව – එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment