පශ්චාත් උපාධිය අතරමග නතර කරලා: සරසවි ඇදුරෝ කෝටි 93ක් පාඩු කරති

164

ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 189දෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රජයට රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් සිදුව ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

දෙදහස් දහය වසරේ සිට මේ දක්වා ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත්දෙනකු ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ ඇමැතිවරයා උපාධි හැදෑරීම මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බව ද කීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී පශ්චාත් උපාධිය හැදෑරීම අතරමග නතර කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය අමාත්‍යවරයා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා රජය වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බව ද පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment