බැඳුම්කර පොලී ගෙවීමට ක්‍රමයක් සකසන්න මුදල් ලේකම්ට බලය පවරයි

70

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොලී ගෙවීම හා පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීම අමාත්‍යාංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා (03දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් මෙම ගැසට් නිවේදනය අනුව පසුගිය 28 වැනිදා වනවිට පවතින ස්කන්ධ හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබාදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment