ආසු පැරීසියේ….

241

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ආසු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මේ මස 30 වැනි ඉරු දින ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වේ. පැරිස් නුවර පිහිටි ලාචිපෙල් සිනමා ශාලාවේ දී පස්වරු 2.00ට චිත්‍රපට ප්‍රදර්ශනය පැවැත්වේ. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසු අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සමග විශේෂ සංවාදයක් ද පැවැත්වීමට නියමිතව තිබේ. හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණියක් වන ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව පදනම් කරගෙන ආසු චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදනය කළ ආසු චිත්‍රපටයට රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න සහ සෝමරත්න දිසානායක එක්වෙයි. ආසු චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක වන අතර සංගීත නිර්මාණය කර ඇත්තේ අජිත් කුමාරසිරි සහ නාමිනි පංචාලි විසිනි. ඇඳුම් නිර්මාණය අජන්ත අලකකෝන් වන අතර කලා අධ්‍යක්ෂණය පූර්ණ ජයශ්‍රී සිදුකර තිබේ. ආසු සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී ගොඩගමගේ සම තිර රචනයකි. ආසු චිත්‍රපටය සැප්තැම්බර් මස 29 වැනිදා සිට එම්. පී. අයි. බෙදාහැරීමක් ලෙස ශ්‍රී ලංකාවේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment