ඉන්දීය ගායකයෙක්  වෙඩි තබා  ඝාතනය කෙරේ

308

ඉන්දියාවේ ජනප්‍රිය ගායකයකු සහ විපක්‍ෂයේ දේශපාලනඥයකු වන සිදූ මුසිවාලා බටහිර  පන්ජාබ් ප්‍රාන්තයේ වන්සා දිස්ත්‍රික්කයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇත.

 ඉකුත් 29 වැනිදා සවස මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

 මියයන විට 28 හැවිරිදි වියේ පසු වූ සිදූ ඝාතනය කරන්නට ඇත්තේ දේශපාලන එදිරිවාදී කමක් මත යැයි පොලිසිය සැක කරයි.

 මේ අතර ලෝරස්න් බිෂ්නෝයි නමැති අපරාධ කල්ලි සාමාජිකයෙක් කැනඩාවේ සිට මෙම ඝාතනයේ වගකීම භාරගෙන ඇති බව පොලිසිය පවසයි. සිදූ පසුගිය පෙබරවාරි මාසයේ පැවැති පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයටද තරග කළේය. ඒ සමගම ඔහුට එල්ලවූ තර්ජන නිසා විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබුණි.

 ඝාතනයට ලක්වන විට ඔහුට යොදා තිබූ කොමාන්ඩෝ ආරක්‍ෂක භටයන් සිව්දෙනා දෙදෙනකු දක්වා අඩුකර තිබුණි. ඉන්දියාවේ ප්‍රධාන විපක්‍ෂය වන කොන්ග්‍රසයට එක්වෙමින් ඔහු දේශපාලනයේ නිරත විය. ‘සෝහයි‘ නමැති රැප් ගීතය වෙනුවෙන් 2017 වසරේදී රූපවාහිනි සම්මාන උළෙලකදී හොඳම ගී පද රචකයාට හිමි සම්මානයද සිදූ දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment