එංගලන්තයේ මිලියනයකට දිගුකාලීන කොරෝනා ආසාදනය වෙයි

240

එංගලන්ත වැසියන් නවලක්ෂ හැත්තෑදහසක් පමණ දෙනා දිගුකාලීනව පවතින කොරෝනා ආසාදනයෙන් පෙළෙන බව එංගලන්ත නිල සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. එම දත්ත වාර්තාවලට අනුව ඉකුත් අගෝස්තු 01 වැනිදා වන විට නිවෙස්වල සිටින ඉහත කී සංඛ්‍යාව දිගුකාලීන කොරෝනා ආසාදනයෙන් පෙළේ. මෙම සංඛ්‍යාවෙන් සියයට 40ක් පමණ දෙනා එනම් තුන්ලක්ෂ අසූහතරදහසක් දෙනා වාර්තා කර ඇත්තේ ඔවුන්ට කොරෝනා ආසාදනය වැළඳී ඇත්තේ වසරකට අධික කාලයකට පෙර සිට බවයි.

 එංගලන්ත සෞඛ්‍ය සේවාවට අනුව දිගුකාලීන කොරෝනා ආසාදනය (ලෝන්ග් කොවිඞ්) ලෙස හැඳින්වෙනුයේ යමෙකුට කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණ සති 12කට අධික කාලයක් පවතින අවස්ථාවයි. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ එංගලන්තයේ පුද්ගලික නිවාස ආශ‍්‍රිතව සිදු කරන ලද දීපව්‍යාප්ත සමීක්ෂණයකදීය. මේ අතර ඉකුත් සතිය තුළදී එංගලන්තයෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂයක සංඛ්‍යාවක් වාර්තා වී තිබු අතර පාසල් ආරම්භ වීමෙන් පසු මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment