2022 ගවයන් 148,000ක් මරලා – කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 6ක් අඩුවෙලා

194

මෙරට එළ ගවයන් 148,000ක් ඉකුත් වර්ෂයේ දී (2022) ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ දත්ත සම්බන්ධයෙන් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

මෙකී සංඛ්‍යා දත්ත අනුව 2021 වර්ෂයට වඩා ඉකුත් වර්ෂයේ දී එළ ගවයන් ඝාතනය වීම 4000 කින් පමණ අඩුවී ඇත. 2021 දී මෙරට එළ ගවයන් 152,000ක් ඝාතනයට ලක්ව තිබුණි. 2022 වනවිට මෙරට එළ ගවයන් සංඛ්‍යාව 1,128,000ක් වූ අතර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 419 කි. එළකිරි නිෂ්පාදනයද 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ දී ලීටර් මිලියන හයකින් අඩුවී ඇත.

එමෙන්ම ඉකුත් වර්ෂය තුළ බැටළුවන් හා එළුවන් 43000ක් ඝාතනයට ලක්වී තිබූ අතර ඌරන් 18000ක් ඝාතනයට ලක්ව ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. මෙම සංඛ්‍යා දත්ත අනුව 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ ඌරන් ඝාතනය කිරීම හරි අඩකින් පමණ අඩුවී ඇත. 2021 වර්ෂයේ දී ඌරන් 33000ක් ඝාතනය කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment