උසස් පෙළ විභාගය ජනවාරි 04දා සිට

126

2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත. මීට අදාළ සංශෝධිත කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එම්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ විභාගය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ අයැදුම්කරුවන් සඳහා පමණක් 2023.10.06 දින සිට 2023.10.10 දින 23.59 පැය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන අඩවි ඔස්සේ අයැදුම්පත් යොමු කළ හැකිය.
චමින්ද සිල්වා සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment