267,000 ක් නෙළුම් කුලුනට ආවා… ආදායම කියන්නේ මාස තුනකින් පස්සේ

295

ප්‍රධාන විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ

කොළඹ නෙළුම් කුලුන මහජනතාව වෙනුවෙන් විවෘත වූ දා සිට මේ දක්වා ගත වූ දින 55 තුළ පුද්ගලයන් දෙලක්‍ෂ හැටහත්දහසකට අධික පිරිසක් නරඹා ඇතැයි Colombo ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවෙට් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

නෙළුම් කුලුනෙන් ලැබුණු ආදායම ගණනය කරනු ලබන්නේ මාස තුන ගත වූ තැන බවද හෙතෙම කීය.

සති අන්තයේ දිනවල නරඹන්නන් විශාල පිරිසක් පැමිණෙන බව ද ඒ මහතා කියා සිටියේය.

විදේශීය ජාතිකයන් ද දසදහසකට අධික පිරිසක් නෙළුම් කුලුන නරඹා ඇතැයි ද හෙතෙම කීය.

සතියේ දින 7ම විවෘතව පවතින නෙළුම් කුලුන නැරඹීමට වැඩිහිටියකුගෙන් රුපියල් 500 ක් ද, දරුවකුගෙන් රුපියල් 200ක් ද අය කෙරේ.

නෙළුම් කුලුනෙන් එක් එක් මාසවලදී ලැබූ ආදායම වෙන වෙනම විමසූ විට ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටියේ එය මාසයෙන් මාසය ගණනය නොකරන බවයි.

එය මාස තුනෙන් තුනට ගණනය කරන බවත්, මාස තුන ගිය තැන එම ආදායම ගැන පැවසිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment