ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමුල් අනුග්‍රහය

111

එළඹෙන පන්දු වාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදකයකු වන අමුල් (Amul) සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (07දා) නිවේදනය කළේය.

අමුල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයෙන් මේතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු එම නිවේදනයේදී අදාළ ගිවිසුම සනාථ කරමින් අදහස් ප්‍රකාශ කර ඇත.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 01 වැනිදා සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment