මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ සුපිරි ජයග්‍රාහකයාට හිමි රුපියල් කෝටියක ත්‍යාග මුදල පිරිනැමේ

180

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ අවසන් මහා දිනුම් ඇදීමේ රුපියල් කෝටියක් හිමි සුපිරි ජයග්‍රාහකයා වූ දෙහිවල පදිංචි එම්. ඒ. සුරංජන පෙරේරා මහතාට හිමි චෙක්පත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් අතින් ඔහු වෙත පිරිනැමීම කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, සහකාර සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා යන මහත්ම මහත්මීන් සහ බැංකු නිලධාරින් එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment