කොඩිවිනය කපන්න ඇවිත් නැන්දම්මාට හා ලේලියට වින කළ කට්ටඩියා අල්ලයි – කළු කුමාර දිෂ්ටියෙන් ඇවිත් කැත වැඩේ කරලා

656

ප‍්‍රදේශයේ නිවසක තිබු කොඩිවිනයක් ඉවත් කිරීම සදහා පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයෙන් පැමිණි කටිටඩියකු තම බිරිදට අතවර කර ලේලියගේ හිරිඔතප් බින්දයි නිවැසියකු හාලිඇල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව හාලිඇල පොලිසිය පෙරේදා (31දා) පුජාභාණ්ඩ තොගයක් සමග යකැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයේ නියුතු පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පුද්ගලයකි.

මෙම කට්ටඩියා පසුගිය මාසයේ අසල්වැසි නිවසකට පැමිණ නිමිත්තක් බලා ඇත. නිමිත්තට අනුව මෙම නිවසේ අදෘෂ්‍යමාන බලවේගයක් හා අමනුෂ්‍ය බලවේගයක් පැමිණ ලැගුම් ගන්නා බව කට්ටඩියා නිවැසියන්ට පවසා තිබේ. මෙම හේතුව නිසා එම නිවැසියන්ට මහත් බාධාවන්ට මුහුණ දීමට සිදුවන බව පවසා ඇති හෙතෙම මෙය ඉවත් කර දීම සඳහා ශාන්ති කර්මයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව පවසා තිබේ. ඒ අනුව රාත‍්‍රියේ පූජාව ආරම්භ කර නිවස වටා ජප කරන ලද නූල් යොදා කිසිම පිරිමියකුට ඇතුළට නොපැමිණෙන ලෙස දන්වා ඇති අතර වටේ සුව`ද දුම් අල්ලා සුවඳවත් කර තිබේ.

මොහුගේ අවසරයකින් තොරව කිසිම පිරිමියකුට නිවසට පැමිණීම තහනම් කර ඇති අතර කාන්තාවන් පමණක් නිවස තුළ රඳවාගෙන අවශ්‍ය යාග හෝම කටයුතු සිදු කර තිබේ. මොහු සමග පැමිණි ගෝලයා ආවතේව කටයුතුවලට උදව් උපකාර කර තිබේ. රාත‍්‍රිය උදා වනවාත් සමගම නිවසේ සිට පිරිමින්ට තුන්මං හන්දි කිහිපයක් පසුකර ගොස් එම හන්දිවල නවතින ලෙස උපදෙස් දී ඇත. යකැදුරු සමඟ පැමිණි අත්උදව්කරුට ඒ සඳහා යොදා ගත් පූජා භාණ්ඩ තුන්මං හන්දියකට හෝ සොහොනකට ගෙන ගොස් දමන ලෙස උපදෙස් දී නිවසෙන් පිටත් කර යවා තිබේ.

අනතුරුව නිවසේ සිටි කාන්තාවන්ට සාත්තර කියා නැන්දම්මාට හා ලේලියට කළුකුමාර දිෂ්ටියක් ඇති බව පවසා එය ඉවත් කිරීම සඳහා විශේෂ යාගයක් කිරීමට ඇතැයි පවසා ඇත. ගෙහිමි කාන්තාවට වයස අවුරුදු 45ක් වන අතර ඇයගේ අතට පූජාවක් වටිටියක් දී කාමරයකට රැගෙන ගොස් විදුලිය විසන්ධි කර දොරගුලූ‍ ලා තිබේ.

අනතුරුව යකැදුරා ඇය සමග බලහත්කාරයෙන් ලිංගික ක‍්‍රියාවේ යෙදී ඇති අතර මෙලෙස තුන්වරක් සම්බන්ධ වීමෙන් මෙම දෝෂය ඉවත් වන බවද, නැතිනම් ඇයට දරුණු විපත්වලට මුහුණ දීමට සිදුවන බවද පවසා තිබේ. මෙම යකැදුරු දෙවන අවස්ථාවේදී ඇයගේ ලේලියද කැඳවාගෙන මෙම ආකාරයෙන්ම සිදු කිරීමට ගොස් ඇති අතර තම ඇඟ පසඟ අතගා හිරි ඔතප් බින්ද බව ලේලිය හාලිඇල පොලිසියට පවසා තිබේ. ගෙහිමි කත මෙම සිද්ධිය පිළිබඳව පසුව සිය සැමියාට සැලකිරීමෙන් ඔහු හාලිඇල පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබේ.

ඒ අනුව හාලිඇල පොලිසිය මෙම යකැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් යකැදුරා පොලිසියට කියා ඇත්තේ තමාට පෙරේත ආරුඩයක් ඇති නිසා මේ පිළිබ`දව නොදන්නා බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (1දා) බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත සහ බදුල්ල සහකාර පොලිස් අධිකාරී

ප‍්‍රදීප් වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හාලිඇල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිසි පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ අධික්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබිලිව්.එම්.දයානන්ද, පො.කො.ප.රත්නායක, පො.කො.(54168) ලාල් පො.කො.(40900) එදිරිසිංහ, කා.පො.කො.(9974) සාරංගා, කා.පො.කො. සිරිමල්වත්ත යන නිලධාරීහු මේ පිළිබ`දව පරික්ෂණ සිදු කරති.

දෙමෝදර – කපිල චන්දන කුරුප්පුආරචිචි සහ බණ්ඩාරවෙල –  කරුණාරත්න පල්ලේගම හාලිඇල බෝගොඩ ලන්දෙවෙළ

advertistmentadvertistment
advertistmentadvertistment