දෙදෙනාගෙන් එක් අයකු ජොනී අල්ලා ගනී

1183

ඔස්ටේ්‍රලියාව හා එංගලන්තය අතර 2023 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු පන්දුවාරයෙන් පසුව ක්‍රීඩා පිටියට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු අල්ලා ගැනීමට එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝට හැකි විය.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරගයේ ආරම්භයෙන් විනාඩි කීපයකට පසුව තැඹිලි පැහැති තීත්ත කුඩු වර්ගයක් ද රැගෙන දෙදෙනෙක් ක්‍රීඩාංගනය මැදට කඩා වැදුණු අතර එක් පුද්ගලයෙකුව ග්‍රහනය කර ගැනීමට ක්‍රීඩාංගණ බලධාරීහු සමත් වූහ.අනෙක් පුද්ගලයා අල්ලාගෙන ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන යෑමට බෙයාර්ස්ටෝ කටයුතු කළ අතර ඔහුගේ ඇඳුම්වල ද මේ හේතුවෙන් තීන්ත තැවරුණි.

තරගයේ පළමුව පන්දුවට පහර දෙන ඔස්ටේ්‍රලියාව දිවා විවේකය වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 73 ක් ලබා සිටියේය. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 53 කි.

advertistmentadvertistment
advertistmentadvertistment