කැනඩාවේ හැසිරීම මැද බෙදුම්වාදයට පාර කැපීම- ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

2281

විදේශ ඇමැති ජායි ශංකර්ගේ විරෝධය

ලොව ත්‍රස්තවාදී කේන්ද්‍රස්ථානය කුමක්ද? ඉන්දීය මාධ්‍ය හෙළි කළේ එය කැනඩාව බවයි.

කාලිස්තාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන මූලස්ථානය කැනඩාව බව ඉන්දීය මාධ්‍ය හෙළි කළ අතර කැනඩා අගමැති ජස්මින් ටෘඩෝ ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ලොව විශාලතම සීක් ජනගහනය සිටින්නේද කැනඩාවේය. එසේම සීක් මිනීමරුවන්ට කැනඩාව දේශපාලන රැකවරණ දී තිබේ. 1985 දී එයාර් ඉන්දියා ගුවන්යානයක බෝම්බ පිපිරීමකින් අයර්ලන්ත මුහුදට කඩාවැටීමෙන් පසු ඊට වගකිවයුතු ත්‍රස්තයන් කැනඩාවේ සිටින බව හෙළි විය.

ඉන්පසු පන්ජාබ් ඇමැතිවරයකුට ද ගායකයකුට ද වෙඩි තැබුවන් කැනඩාවේ සිටින බව ඉන්දීය මාධ්‍ය හෙළි කළේය.

පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ සීක් ඝාතකයන් දෙදෙනකු සැමරීමේ සමරුවක් පැවැත්වුණි.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්රික් බ්‍රවුන් ඊට අවසර දුන්නේය.

මේ ඝාතකයන් දෙදෙනා කවුද? ඒ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය කළ සීක් ආරක්‍ෂක භටයන් දෙදෙනායි.

ඉන්දීය විදේශ ඇමැති ජායිශංකර් කැනඩා රජය කාලිස්තාන් ත්‍රස්තයන්ට මෙලෙස කටයුතු කිරීමට ඉඩදීම ගැන දැඩි විරෝධය දක්වා ඇත.

මෙම කාලිස්තාන් ත්‍රස්තයන් ඉන්දීය රජය සීක් ජන සංහාරයක් සිදුකළ බවට ද ඉන්දියාවට චෝදනා කර ඇත.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කාලිස්තාන් ත්‍රස්තයන්ට හිතු මනාපයට කටයුතු කිරීමට ඉඩදී ඇත්තේ කාලිස්තාන් ත්‍රස්තයන් නිව් ඩිමොක්‍රටික් පක්‍ෂයේ ආසන 24 ක සහය ඔහුට ලබාදීම නිසාය.

එසේ අපරාධ සිදුකළ කාලිස්තාන් ත්‍රස්තයන් රැසකට කැනඩාවේ දේශපාලන රැකවරණ ලබාදී තිබේ.

කැනඩා අගමැති ටෘඩෝ ඉන්දියාවේ සංචාරයක යෙදුණු අවස්ථාවේ පැවැති සාදයකට ඝාතකයකු වූ අවල්ට ද ඇරයුම් කර තිබූ අතර පසුව ඉන්දීය විරෝධය මැද එම ඇරයුම අවලංගු කෙරුණි.

මේ පසුබිම මැද කැනඩාව ත්‍රස්තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට සහය වන රටක් බවට හෙළිවී ඇත.

මේ අතර බ්‍රැම්ප්ටන් නුවර පැවැති කාලිස්තාන් සැමරුම ගැන ද ඉන්දියාවේ සිටින කැනඩා තානාපතිවරයාට නොසතුට පළකර තිබේ.

එහෙත් කැනඩා රජය ප්‍රකාශයක් කර නැත.එසේම අගමැති ජස්ටින් ටෘඩෝ සීක් ජාතිකයන්ගේ උත්සවවලට ද සම්බන්ධ වී ඇත.

රාජ්‍ය තාන්ත්‍රිත කටයුතු ගැන නිසි සැලකිල්ලක් නොදක්වා කැනඩා රජයේ මන්ත්‍රීවරු ද කැනඩාව තුළ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එරෙහිව දියත්වන ද්‍රෝහි ක්‍රියා ගැන නිහඬව සිටී.

ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එරෙහිව කැනඩාවේ බෙදුම්වාදී පාර්ශ්ව, මරුමුවට පත් ත්‍රස්තයන් සැමරීමේ උත්සව පමණක් නොව සමරු ඵලක ද ඉදිකිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එසේම කැනඩාවේ විනිසුරුවරුන්, ආණ්ඩුකාරවරුන් පවා තීන්දු ලබාදෙන්නේ බෙදුම්වාදීන්ට පක්‍ෂවය.

විජය කනබාලසිංහම් නමැති තක්කඩියකු යාපනයේ සිට කැනඩාවට පැනගොස් බොරු ප්‍රකාශ කර මන්ත්‍රීවරයකු ලෙස පත්වී ශ්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩ ජනසංහාර පනතක් සම්මත කරගනු ලැබීය. කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් අතිවිශාල මුදලක් වැයකර එම පනතට එරෙහිව අධිකරණයට ගිය නමුත් විනිසුරුවරිය එම නඩුව ඉවත දමා විජය කනබාලසිංහම්ගේ ප්‍රකාශ පිළිගත්තේය.

අගමැති ජස්ටින් ටෘඩෝගේ රජය අද සතුටු කරන්නේ බෙදුම්වාදීන් බව පැහැදිලි වේ.

මෑතකදී ජස්ටින් ටෘඩෝ බෙදුම්වාදී ගැරී ආනන්ද සංගරී නමැති මන්ත්‍රීවරයා නියෝජ්‍ය අධිකරණ ඇමැති ලෙස පත්කළේය. ඔහු පාර්ලිමේන්තුව හමුවට ගෙන ආ ද්‍රවිඩ සංහාර පනත පාර්ලිමේන්තුව අනුමත කළේය.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment