යුක්රේනයේ මරියොසොල් නගරයට  රසායනික ප්‍රහාර : 10,000ක් මරුට

1849

තොරතුරු හෙළි කිරීම ගැන රුසියානු හමුදා නිලධාරීන් 150ක් අත්අඩංගුවට

යුක්රේනයේ මරියොසොල් නගරයට රුසියානු හමුදාව විසින් රසායනික ප්‍රහාරයක් එල්ල කර ඇත. මරියොසොල් නගරාධිපති පැවසුවේ 10,000ක ජන සමූහයක් මරුමුවට පත්වී ඇති බවයි. මරියොසොල් අසල සිටි යුක්රේන හමුදාවේ ඇසොට් බළකායේ භටයන් ද එම රසායනික ප්‍රහාරයට ලක් වී ඇත.

යුක්රේන පාර්ලිමේන්තුව පැවසුවේ රුසියානු හමුදාව නයිටි්‍රක් ඇසිඩ් එල්ල කරන බවයි.

මේ අතර මිය යන අයගේ සිරුරු පිලිස්සීම සඳහා රුසියානු හමුදාව ජංගම රථ ගෙනවිත් ඇත. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට අදාල තොරතුරු යුක්රේනයට ලබාදීමේ සිද්ධිය මත රුසියානු හමුදා නිලධාරීන් 150ක් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇතැයි ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් අතර කර්නල් ජනරාල් සර්ගායිද වේ.

ඔහු රුසියානු විදේශ බුද්ධි ඒකකයේ ප්‍රධානියා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment