නෙදර්ලන්තයට පැරදී දකුණු අප්‍රිකා සිහින බොඳ වේ

230

නෙදර්ලන්තය හමුවේ ඊයේ (06 වෙනිදා) අනපේක්ෂිත ලෙස පරාජයට පත්වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් හිමිකර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

තරගය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 5ක් හිමි කරගෙන දෙවැනි කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයට පත්ව සිටි දකුණු අප්‍රිකාවට මෙම තරගයේ ජය ගත්තේ නම් අවසන් පූර්ව තරගයට පිවිසීමට හොඳටම අවස්ථාව තිබුණි.

එහෙත් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු 158 ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. ඒ සමගම ලකුණු 13ක පරාජයක් ලැබූ දකුණු අප්‍රිකාවට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමි විය.

මෙම තරගය සහ සිම්බාබ්වේට එරෙහිව තරගය ජයගත් නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගත් අතර ඒ සමගම ලබන ලෝක කුසලාන තරගාවලියේදී මූලික තරග වටයට සහභාගි නොවී සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට නෙදර්ලන්තයට හැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment