නිවාස සංවර්ධන අධිකාරියේ පළමු සභාපති සුසිල් අභාවප‍්‍රාප්ත වෙයි

1178

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පළමු සභාපති සහ හිටපු ජනසවිය කොමසාරිස් ජනරාල් සුසිල් සිරිවර්ධන මහතා ඊයේ (25 දා) අභාවප‍්‍රාප්ත විය.

මිය යනවිට 83 වැනි වියෙහි පසුවූ ඒ මහතා ප‍්‍රතිපත්ති සැලසුම් සහ නාගරික නිවාස සහ නැවත පදිංචි කිරීම පිළිබඳ පර්යේෂකයකු ලෙස සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස ද කටයුතු කළේය.

දිවංගත ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ ‘ගම් උදාව’ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙස ද කටයුතු කළ සුසිල් සිරිවර්ධන මහතා ශ‍්‍රී ලංකාවේ සමාජ සංවර්ධන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වීය.

1965 වසරේදී ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඒ මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment