දයාසිරි අනතුරක

1892

රාජ්‍ය ඇමැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙරේදා (21 දා* පෙරවරුවේ ශාරීරික සුවතාව සඳහා පාපැදියකින් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් ශරීරයේ වැදීමෙන් තුවාල ලබා ඇති බව පක්‍ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
 
 කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අසලදී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ඇමැතිවරයාගේ හිසට, පාදයට සහ අතට තුවාල සිදුවී ඇත. තුවාල ලැබූ ඇමැතිවරයා නැවත පාපැදියෙන්ම සිය නිවස කරා ගොස් තිබේ.
 
 අනතුරුව හෙතෙම පුද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබා නිවස වෙත ගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඇමැති ආරක්‍ෂක නිලධාරීන් කිසිවකු සිට නැත.

dayasiri1
 
 අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment