බය වුනාම දෙවියන් සිහිවෙන්නේ ඇයි?

436

වානරයාගෙන් ආරම්භ වූ මනුෂ්‍යයා දියුණුවන කොට ඇදහැලි ද ටික ටික පුරුදු වුණා. දෙවියෝ දෙවියා දේවත්වය ද ලුහුබඳින්න වුණ එක විතරක් නොවේ දේව සංකල්පය ද ඇති වුණා. අපට යමක් දෙන අදෘශ්‍යමාන කෙනා දෙවියා බව තමයි හිතේ තිබුණේ අදත් කවුරුහරි යමක් දෙනකොට ඔහු නම් දෙවියෙක්ම තමයි කියලා කියනවා. මනුෂ්‍යයාට භය ඇතිවන කොටත් දෙවියා සිහිවනවා. කොටින්ම කිව්වොත් අදෘශ්‍යමාන දෙවියාට මුල් තැනක් හිමිවනවා. මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම ගින්දරින් කිසියම් හෝ පීඩාවක් සිදුවන හැමවිටකම ගිනිදෙවියාට පුදපූජා පවත්වනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල අදටත් මෙම පූජා කරනවා. මනුෂ්‍යයා කොපමණ දියුණු උවත් මානසිකව එල්බගෙන ඇති ඇදහීම් ලෙහෙසියෙන් ඉවත්වන්නේ නැහැ. එය මනසට තදින් ඇතුළු වූ විශ්වාසය නිසා එවකට රජකල රජතුමා විහාර මහා දේවිය මුහුදේ පාකර හැරියේද මෙම මිත්‍යා අදහස් නිසා බව පැහැදිලිය. ඉඩෝරය සුනාමිය, ගිනි කඳු යන මේවා ස්වභාවික කාලගුණික විපර්යාස ද වුවද පැරණි මිනිසා මේවා ද දේවකෝප වශයෙන් සැලකූබව පැහැදිලිය. මෙතරම් දියුණු යුගයක පසුගිය කොරෝනා වංසගතයේදි පිරිත් කළ වතුර කළ ගංගාවලට දැමුවේත් එයත් දේවකෝප වශයෙන් සමහරු තීරණය කළ නිසා වියහැක. සියලු ඇතිවීම් නැතිවීම් නුවණින් මෙනෙහි කර සත්‍ය අවබෝධකර සියලු සත්ත්වයාට දේශනා කළ බුදුන් වැඳීමට පෙරාතුව කතරගම දේවාලයට ගොස් කතරගම දෙවිඳුන් වන්දනා කිරීමට තරම් සමහරු පෙළඹී ඇත්තේද මේ මිත්‍යා භක්තිය නිසාමය. බොහෝ දුරට සත්‍ය හෙළිකර ගැනීමෙන් අන්ධ දේව භක්තිකත්වය තුතී උවද එය වත්මන් සමාජය තුළ තවමත් පවතිනවා. හැබැයි එකක් නම් කියන්නම ඕනෑ. මේ පුද පූජා අන්ධභක්තික කියලා බොහෝ දෙනා සැලකුවත් කිසියම් හෝ සත්‍යතාවයක් නැත්තෙම නොවේ. මානසිකව හෝ දෙවියන් ඇදහීමෙන් මානසික තෘප්තිය ලැබූ අය කොච්චර වත් ඉන්නවා.

සමාජය ක්‍රමයෙන් දියුණු වීමේදී හා යම් යම් නව දේවල් සොයා ගැනීමේදී මේ විශ්වය තුළ කිසියම් ශක්තියක් ඇති බවයත් එය විශ්වශක්තිය බවත් එහි තුළ ග්‍රහයින් නැත්නම් ග්‍රහලෝක 9 කින් අධිකිරණ ශක්තීන් 9 ක් පෘථිවිය දෙසට විහිදෙන බව සොයා ගත්තා. එනිසාම ඒ ග්‍රහ කිරණ මේ විශ්වය තුළ ජීවත්වන ගහකොළ තුරු ලතා සතා සිව්පාවා මනුෂ්‍යයාට බලපාන බවත් සොයා ගත්තා. මේ සම්බන්ධව කරුණු විස්තර කිරීම ජ්‍යොතිෂ විද්‍යාවෙන් කෙරෙන බවත් ඒ ග්‍රහ අප දුරු කිරීමට කිසියම් පිළියම් ඇති කිරීමේ විෂය වශයෙන් යන්ත්‍ර විද්‍යාව ඇති වූ බවත් ඒ සම්බන්ධව පූර්ණ විස්තර යන්ත්‍ර ශතකය හා යන්ත්‍ර විද්‍යාව යන පොත්වල සඳහන් වනවා.

යන්ත්‍ර පැලැඳීම විද්‍යාත්මක බව ඔප්පුකර තිබෙනවා. එනම් නිවැස්වල පාවිච්චි කරන ලද ආලෝක ධාරාවන්ට ස්වභාවික ඇතිවන විදුලි කෙටිමේදී නිතර විදුලි ආපදා ඇතිවීම ස්වභාවික කරුණකි. ඉන් නිවැසියන්ට හා පරිහරණ භාණ්ඩවලට හානි පැමිණවීමේ තත්ත්වය වැළැක්වීම සඳහා විදුලි රැහැන් පද්ධතියට පියුෂ් නැතහොත් විදුලි ආරක්‍ෂක උපකරණ සවිකරනු ලැබේ. ඉන් සිදුවේයැයි සිතන කරදර බොහෝ දුරට වළක්වා ගත හැකිය.

මේ අයුරින්ම අප වටා ඇති සෞරග්‍රහ මණ්ඩලයේ වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝකවලින් පිටවන ග්‍රහකිරණවලින් ඇතිවන කරදර වළක්වා ගතහැකි වන්නේ යන්ත්‍ර පැලැඳීමෙන් පමණකි. ඒනිසාම යන්ත්‍ර පැලැඳීම මිනිහා දියුණු වූ දින පටන් අද දක්වාම පවතින ශාස්ත්‍රයකි. ඒ අනුවම ඒ ඒ සඳහා ආවේණිකවූ යන්ත්‍ර සමූහයක් යන්ත්‍ර විද්‍යාවේ හා යන්ත්‍ර ශතකය යන පොත්වල සඳහන් වේ. සිද්ධි නාගර්ජුනය යන්ත්‍රය ද එවැනිම කරදරවලින් මිදි මේ ග්‍රහ අපල යන්ත්‍රයකි. යන්ත්‍රයකින් කරන්නෙ මනුෂ්‍ය ශරීරය වෙත ගලා එන හතුරු ග්‍රහ කිරණ යන්ත්‍ර තහනඩුව මගින් අවශෝෂණය කර හෝ වෙනත් දිසාවකට යොමුකර තමාට ආරක්‍ෂාව සපයා දීමය. වෙනත් ග්‍රහ අපල උපද්‍රව සඳහා එක එක යන්ත්‍ර නැත්තේම නොවේ.

නමුත් ඉතා බලගතු ග්‍රදෝශ හරණ යන්ත්‍ර කාණ්ඩයට ගැනෙන එකම බලගතු යන්ත්‍ර “සිද්ධිනාගර්ජුන” යන්ත්‍රයයි. මෙම යන්ත්‍රය විශේෂයෙන්ම සකසා ඇත්තේ ඉණෙන් ඉහළ කොටස නයිපෙනයක් සේ පෙනෙන ඉනෙන් පහළ කොටස මිනිස් රූපයක් සේ පෙනෙන අශ්වයෙකුගේ පිටඋඩ ගමන් කිරීමේ ස්වරූපයෙන් දක්වන ලද “රාහු” නම් ග්‍රහ අපල වලටමයි. රාහු ගෙන් පැමිණෙන බලවත් ග්‍රහ අපලවලට එකම පිළියම සිද්ධි නාගර්ජුනය බව සියලුම පොත්පත්වල සඳහන් වේ. මෙම යන්ත්‍රයටම ඒකාග්‍රහ රෝගනිවාරණ යන්ත්‍රය නමින්ද හැඳින්වේ.

විශේෂයෙන්ම “රාහු” අසුරේන්ද්‍ර ග්‍රහයා ගැන ඔබ අප දන්නා කරුණු නිවැරදි නොවන බව පෙනීයයි. ඒ මන්දයත් රාහු ගුණ නොයෙක් නොයෙක් පොත්වල නොයෙක් නොයෙක් ආකාරයට විස්තර කර ඇති හෙයිනි. රාහු ගුණ තව දුරටත් විශ්ලේශනය කිරීමේදී රාහු සෙනසුරු මෙන්ම පාපි ග්‍රහයෝ වශයෙන් අවබෝධකරගෙන සිටීමයි. රාහු පාපියෙක්ම පමණක් නොවේ ඕනෑම කේන්දරයක රාහු නම් ග්‍රහයා සුබවාදිව කිසියම්ව රාශියක පතිත වී ඇත්තේ නම් ඔහු හෝ ඇය දිවයිනෙන් පිට හෝ උපන් ස්ථානයෙන් බැහැරව දියුණුව ජීවත්වීමේ හැකියාව ඇති බවය. තවද රාහු පතිත වී ඇති ස්ථානයට අනුව කුමක් සඳහා පිටවේද යන්න කියැවේ. එසේම කිසියම් රාශියක හතුරුව නිච්ව රාශිගත වේ නම් හෝ විශේෂයෙන් 6 – 8 වැන්නේ හතුරුව පතිත වුණේ ද පහත සඳහන් ශ්ලෝකයට අනුව විපාක දෙන බවද අනිවාර්ය වේ.

ප්‍රඥා විහීන මති වික්‍රම අර්ථහානි විසුද්ධ ගාත
වධබණ්ධන රෝග පීඩා භංද්‍ර ප්‍රවාස ධනහානිම
මහපුනාසම් රාහු දසා භජති ජීවිත කෛල්ප සහස්සුම්

මේ ආකාරයක රාහු නපුරු උවහොත් මරණය පවා ගෙනදෙන බවට තමයි ශ්ලෝකයේ තිබෙන්නේ මෙවැනි තත්ත්වයක රාහු සිටියදී කිසියම් හෝ අයුරකින් අඟහරුවා සමග සම්බන්ධයක් තිබුණේ නම් ඒ විනාසය ඉක්මන් කිරීමක් ද ලේ හලන අනතුරක් සම්බන්ධව යන්නද දැක්වේ. මෙම යන්ත්‍රය සැකැසීමේදී වෙනස්කම් රාශියකි. මන්ත්‍ර දිගසිය සඳයා පැය 10ක් වත් විඩංගු විය යුතු අතර මන්ත්‍ර ජපය සඳහා එනම් වාර 1800ක් සඳහා යෑම 3ක් හෝ ඊට වඩා ගත යුතු වන්නේය.

මන්ත්‍රයේ සඳහන් පරිදි සියලුම දැහැන් ගැබ් සොළසක එනම් ගැබ් 16ක ඇතුළත් කර සුපුරුදු පරිදි කිලිහරණය ප්‍රාණ පලිප්පු කර ස්පුඨ කළ යුතුය. මෙම යන්ත්‍රය පිරිමි කෙනෙකුට නම් මැතිරීමේදී පාර්වති පුත්‍රයාය යනුවෙන් වෙනස් කර ජප මැතිරීම කළ යුතුය.

රාහුගෙන් එන සියලුම ග්‍රහ අපල මර ග්‍රහ අපල මාරක අපල මෙම යන්ත්‍රයෙන් දූරිම්භූත වේ. විශේෂ බලැති සිද්ධි නාගර්ජුනය රාහුට අධිපති වූ විෂ්ණු දෙවියා බවත් විෂ්ණු යනු මහේස්වර දෙවිඳු ගණයට අයත් වන බවත් දත යුතු වන්නේය. මෙම විෂ්ණු දෙවිඳු උත්පල වර්ණ, නීලවර්ණ මෙම බුද්ධ සාසනය භාර ඉන්නා බවත් පොත පතේ සඳහන් වේ.

සාමාන්‍යයෙන් එක් එක් යන්ත්‍රවලට ආවේණික වූ සම්බන්ධතාවයක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන් අභිසම්භිධානය යන්ත්‍රයේ අමාරුම කොටස වන්නේ එහි ඇතුළත් ගැබ් 7 කට මන්ත්‍ර 9 ක් පිරවීමයි. නැතහොත් ඇතුළත් කිරීමයි. එය ඉතා නිවැරදිව සූක්‍ෂමව කළ යුතු වන්නේය. එමෙන්ම සිද්ධි නාගර්ජුන යන්ත්‍රය ද එවැනිම විශේෂිත යන්ත්‍රයකි. එහි ඇති විශේෂත්වය නම් යන්ත්‍රය තුළට ආවේණික මන්ත්‍රය පුරවා අවසානයේදී දැහැන දෙකක් ඒ ගැබ් 16ක ඇතුළත් කිරීමයි. ඉරි නොකැපෙන්න එකකට එකක් ස්පර්ශ නොවන්න කිරීම හරිම අමාරු කාර්යයකි. එසේ කිරීමෙන් යන්ත්‍රයේ බල පිහිටීම ඇතිවන බව දැනගන්න ඕනී. මේ යන්ත්‍රයන් වාර 1800ට වඩා මතුරන්න ඕනෑ විශ්ෂයෙන් මෙවැනි යන්ත්‍ර පුර තිථිය ඇවිල්ල දින 2කට පසුව ආරම්භ කරලා සතියකින් පුරල සතියකින් අවසාන කරලා අවශ්‍ය කෙනාට පලඳවන්න ඕනෑ. සුරයන් රන් ආලේප කළොත් හොඳයි. අත්‍යවශ්‍යම නැහැ. ඒ උනාට යන්ත්‍ර තහඩුව නම් රන් ආලේප කරන්නම ඕනෑ හොඳේ. මේ යන්ත්‍රයේ තිබෙන පුංචි පුංචි වෙනස්කම් නිවැරදි වන්නටම ඕනෑ පිරිමි කෙනෙකුට ගැහැනු කොනට තිබෙන මන්ත්‍ර ටිකක් වෙනස් හොඳේ. මම මේ යන්ත්‍ර ගුණ මේ විදියට පුන පුනා කියන්නේ මට ලැබෙන දුරකතන පනිවිඩු නිසාම යි. යන්ත්‍ර හරි සූක්‍ෂමයි. ටිකක් හරි අඩුපාඩු වුණොත් බල පිහිටන්නෙ නැහැ. එතකොට වියදම මහන්සිය අපරාදේ. යන්ත්‍රය පලඳවා ගත්තා කිව්වට ඒක පරිස්සම් කිරීමත් ඒ වගේම අමාරුයි. මල්වර කිල්ල, මරණ කිල්ල, වැදූ කිල්ල, මේ යන්ත්‍රයට හරි නපුරුයි බැරි වෙලාවත් ලොකු කිල්ලකට අහු වුණොත් ආතුරයත් අසනීප වේවි. ඉතින් මේ යන්ත්‍රය කිල්ලට අහු උනාද කියලා දැනගන්න පුංචි ඉඟියක් දෙන්නම් ඔබ ඔය යන්ත්‍රය පලඳාගෙන ඉන්න කොට නිකම්ම උණ ගත්තොත් බෙහෙත් ගත්තට උණ නොබැස්සොත් ඔන්න පූර්ව ලක්‍ෂණය. දැන් යන්ත්‍රය ගලවන්න. ඔබ ස්නානය කරලා අවසානයේදී නැවත යන්ත්‍රය පලඳාගන්න. හැබැයි එපා කිව් තැන්වලට ගිහිල්ල මොනව හරි කෑවොත් ඒවා ශරීරයෙන් ඉවත් වෙනකං ඉන්න වේවි. එහෙම නැතුව යන්ත්‍රය දා ගත්තොත් නැවත උණ ගනිවි. ඉතා ප්‍රවේශමෙන් හොඳේ.

බය වුනාම දෙවියන් සිහිවෙන්නේ ඇයි?

පාරම්පරික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යාදර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553

advertistmentadvertistment
advertistmentadvertistment