කතකට අතවර කළ හයිපොරස්ට් කොස්තාපල්ට වසර 7ක සිරදඬුවම් සහ ලක්‍ෂ පහක වන්දි

361

තිස්පස් හැවිරිදි අවිවාහක කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයකුට වසර 07 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ වින්දිතයාට රු. ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත්, මහාධිකරණයට රු. විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා පෙරේදා (13 දා) නියෝග කළේය.

මෙසේ බරපතළ වැඩ සහිතව සිරදඬුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑළිය පොලිස් කොට්ඨාසයට අයත් හයිපොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ කොස්තාපල්වරයකුටය. එම සිරදඬුවමට අමතරව දඩ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් සිරදඬුවම තවත් වසර තුනකින් දීර්ඝ කර ඇත. 2019 වසරේ එම කොස්තාපල්වරයා හයිපොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් 2019 කොස්තාපල්වරයාට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.

එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මූලික විමර්ශනයක් සිදුකර පසුව එම කොස්තාපල්වරයා ඉදිරිපත් කළ අභියාචනාවක් මත යළිත් එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment