ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය හැරවීමට ආණ්ඩුවට ඉඩනොදිය යුතුයි

48

ඩලස් අලහප්පෙරුම (නිදහස ජනතා සභාව)

අපේ රටේ මැතිවරණ කොමිසම නිහඬයි. ඡන්ද ගැන ආණ්ඩුව ප්‍රකාශ කරමින් සිටින බවත් මැතිවරණ තියන්න කියලා ආණ්ඩුව ඉදිරියේ වැඳ වැටෙන්න අවශ්‍ය නැති බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (14 දා) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය හැරවීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැති බවත් ඒ මහතා නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (14 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

මැතිවරණ ගැන කතාවක් කරලියට ඇවිත් බවත්, පළාත් පාලන මැතිවරණය ගැන කව්රුත් කතා නොකරන බවත් ඒ මහතා කීය. එම මැතිවරණය සඳහා රුපියල් කෝටි ගණනක ඇප මුදල් තැන්පත් වී තිබෙන බවත් ඒ මහතා කීය.

මැතිවරණයට වෙන් කළ මුදල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ කරන බවත් මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත් කී ඒ මහතා මැතිවරණවලට මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව සිදුකළ යුතු බවත් කීය.

මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහ ජනාධිපතිවරයා විශාල විදෙස් සංචාර ප්‍රමාණයක නිරත වී තිබෙන බවත් මේ සඳහා විශාල මුදලක් වැයකර තිබුණත් එම පිරිස් මැතිවරණ සඳහා මුදල් නැති බව ප්‍රකාශ කරන බවත් අලහප්පෙරුම මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment