දළදාවට නිගා කළ සේපාල් යළි ඇතුළට

177

ශ්‍රී දළදා වහන්සේට හා බුද්ධ ධර්මයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ නමැත්තා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (17දා) නියෝග කළේය.

එම සැකකරු සිදුකර ඇති ප්‍රකාශය අනුව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතට වැටෙන බවත්, එකී චෝදනා එල්ල වී ඇති අයකුට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බවත් පෙන්වාදෙමින් විත්තිය කළ ඇප ඉල්ලීමේ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය. එම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (17දා) විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment