ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

82

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.

ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති අතර, තාවකාලිකව සංගමයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ඒ අනුව අමාත්‍යවරයා පියවර ගෙන ඇත.එහි සභාපතිවරයා ලෙස මහේෂ් ගම්මන්පිල මහතා කටයුතු කරන අතර, ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතා කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment