මේ මාසයේ දින 12ට කොවිඩ් රෝගීන් 100ක් – මරණ 16 ක්

88

කොවිඩ් රෝගය යළිත් හිස ඔසවමින් තිබෙන අවස්ථාවක මෙම මාසයේ ගතවූ දින 12 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 100 දෙනකු පමණ හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

එසේම මෙම දින 12 තුළ කොවිඩ් මරණ 16 ක් වාර්තා වී ඇතැයිද එම අංශ කියයි.

මැයි 12 වැනිදා කොවිඩ් මරණ 2 ක්ද, 14 වැනිදා එක් කොවිඩ් මරණයක්ද, 16 වැනිදා කොවිඩ් මරණ 2 ක්ද, 17 වැනිදා කොවිඩ් මරණ 3 ක්ද, 18 වැනිදා කොවිඩ් මරණ 3 ක්ද, 19 වැනිදා එක් කොවිඩ් මරණයක්ද 20 වැනිදා කොවිඩ් මරණයක්ද, 22 වැනිදා කොවිඩ් මරණ 3 ක්ද ලෙස මෙම මරණ සිදුව තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජිව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment